Wednesday, 28 August 2019

ශ්‍රී පාදස්ථාන‌යේ ජනප්‍රවාද(‌කෙටි කතාව -සාමිප්‍රධායික සන්නිවෙිදනය)

කමල් සහ නිමල් මැදිවියේ පසුවුන යෞවනයන් දෙදෙනෙකි  .තම වෘත්තියත් සමඟ ම ජීවිතය ගෙන ගියේ ප්‍රශ්නකාරි මන්සකිනි . මනසට නිදහසක් නොමැති මෙම ජීවිතය නිරවුල් කරගැනීමට ඔවුන් සූදානම් කළේ විනෝද චාරිකාවක් යාම ය.

 "සුභ උදෑසනක් කමල්, සුභ උදෑසනක් නිමල්, අපි කොහේ හරි යමුද බං මේ නිවාඩු දවස් දෙක තුනේ ...ඔව් බං අපි මේ ජීවිතෙන්  නිදහස් වෙලා ට්‍රිප් එකක් ගිහින් සතුටින් ඉමුකෝ"

විනෝද චාරිකාවක් යාම සඳහා නිමල් සහ කමල්  තම සගයන් සමඟ සැරසෙන්නේය.
 "අපි කොහෙද නිමල් යන්නේ ?අපි යමු සිරිපාදේ ....ඒකනම් හොඳ අදහසක් ඒත් කමල් ශ්‍රීපාද  පාද වන්දනා වාරය ආරම්භ වෙන්නේ උඳුවප් මස  පසළොස්වක පෝය දවසෙ සිට  ඊලග වසරෙ  වෙසක් පුර පසළොස්වක පෝය දිනය එනතෙක් විතරනේ.  ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භයට පෙර පළමුව ශ්‍රී පාද වදින්නේ සමන් දෙවියන්ගේ ඇතා.. ඔව් අපි ඊළඟ මාස පෝය අවම අපේ චාරිකාව සූදානම් කරගෙන යමු."


"ඉතින් අපි විතරද යන්නේ මේ ගමන නිමල්.. නෑ නෑ අපි නඩේ ගුරෙක් හොයා හොයාගන්න ඕන ආ.. .. නඩේගුරාට  හොඳයි අපේ තාත්තා ..එහෙනම් අපි චාරිකාව සූදානම් කරමු.'"

"තාත්තේ අපි හිතන් ඉන්නවා සිරිපාදේ වඳින්න යන්න. තාත්තට පුලුවන්ද අපේ නඩේ ගුරා විදිහට එකක් යන්න එන්න . හොඳ වැඩක් ළමයිනේ මම එන්නම් එක්ක යන්න."

"පුතාලා  දන්නවද අපේ විශ්වාස වෙන්නේ  බුදු හාමුදුරුවන්ගේ වම් ශ්‍රී පාදය  සටහනේ මේකේ තියලා තියෙන බවනේ..ඊට අමතරව කකුසඳ ,කෝනාගම, කාශ්‍යප හා ගෞතම යන සතර බුදුවරුන්ගේ ශ්‍රී පාද සටහන් තිබෙන බව පිළිගැනෙනවා .බොහෝ බෞද්ධ ජනතාව විශ්වාස කරන්නේ බුදු රජාණන් වහන්සේ තුන්වැනි වර ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී සුමන සමන් දෙවිඳුගේ ආරාධනාවෙන් තමා සමන්ත කූටයට වැඩම කරලා එහි ශ්‍රී පාද පද්මය පිහිටෙවුව කියන එක"

"ඉතින් සිරිපාදේ වඳින්න ගියාම ජාති ආගම් බේද නැතුව ඔක්කොම වඳින්න යනවා පුතාලා දන්නවනේ ලොව  ප්‍රථම ම්නිසා වන ආදම්ගේ  පාද සටහන මෙහි තියෙනවා කියලා ක්‍රිස්තු භක්තිකයන් විශ්වාස කරනවා .මේ නිසා  සමනලකන්ද ඇඩමිස් පක් කියලා කියනවා "

මුස්ලිම් ජාතිකයන් පිළිගන්නේ කඳුමුදුනෙහි ආදම්ගේ පාද ලාංඡනය ඇති බවයි .මේ නිසා මුස්ලිම් ජාතිකයින්  බබා ද මලෙයි නැතහොත් බබා ආදී මලේ කියලා හඳුන්වනවා.


හින්දු භක්තිකයින් ශිව දෙවියන්ගේ පා සලකුණ මෙහි පිහිටියේ විශ්වාස කර වැඳුම් පිදුම් කරති .හින්දු භක්තිකයෝ ශ්‍රී පාදස්ථානය වදින්නේ ශිවන් ඔලි පාදම් හෙවත් ශිව ‌නොලි පාදම් යනුවෙනි  .

"එහෙනම් අපේ සිවාජිලිංගම් එක්කන් යමු නේද නිමල්.. උ හරි ආසයි අපිත් එක්ක ට්‍රිප් යන්න ඔව් එක්කගෙන යමු බං එහෙනම්.


කට්ටියම  ලහිලහියේ ගමනට සූදානම් වන්නේ ජාති භේද ආගම් භේද පසෙකලා ය. ගමන යන දවස උදා විය . සියල්ලෝම නඩේ ගුරාගේ අනුගේ අනුදැනුමෙන් හොඳින් පේවී ගමනාන්තය කරා පිටත් ව්ය. හැටන් නගරයට පැමිණෙනවා සමඟ සමන්තකූඨ පර්වතය පෙනෙන්නට විය.

"මාමේ මේ කන්දේ උස කොච්චර විතර තියෙනවාද ? අඩි 7360 ක් හෙවත් 2215 මීටර් උසයි. මේක අතීතයේ සංචාරකයින් නායකයින් සාගරයේ ඉඳල දැකලා තියෙනවා.  විජය ඇතුළු පිරිස ලංකාවට එද්දී ඉන්දිය සාගරයේදී ශ්‍රී ලංකා දූපතේ අහසට නැගුණු සමනල කන්ද පෙනුණු බව ඒ මතකය තබා ගෙන ඇවිත් ලංකාව ආක්‍රමණය කළ බවත් කියවෙනවා. එතරම් මේ සමනල උසයි."

"කමල් මම අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද   පද්මය පිහිටුවාලූ පසුව මේ  ස්ථානයට සාමාන්‍ය මිනිසුන්ගේ පැමිණීම දුෂ්කර බව බුදුහාමුදුරුවෝ සිහිපත් කළ අවස්ථාවේ සමන් දෙවිඳුන් විසින්  පවසනවා තමා සියලු වන්දනාකරුවන්  පුලුන් පොදක් අහසට  ගන්නා ලෙසින් සැහැල්ලුවෙන් වන්දනා කරවීමේ වගකීම භාරගත් බවට සමන්  දෙවියන් පොරොන්දු වුණා  කියලා ජනප්‍රවාද කියලා තියෙනවා "

  එසේ වුණත් සියල්ලන්ම තම ගමනාන්තය නිමකර නල්ලතන්නියට පැමිණියහ.
සැන්දෑ කාලේ ආහාර ගැනීමෙන් පසුව මොවුන් කඳු තරණයට සූදානම් විය. සීතලට ගැහි ගැහී  සවස් කාලයේ සියලුදෙනාම කන්ද නැගීම ආරම්භ කළේය.නිමල්ගේ පියා මෙම නඩයට නැගීමට පෙර අවවාද කළේ මෙලෙසිනි.

"  පුතාලා දන්නවනේ සිරීපාදෙ තියෙන අනුහස් ගැන ඒ හන්ද කට වරද්ද ගන්නෙ නැතුව නගින්න  කියලා මුලින්ම අවවාද කරන්න ඕනශ්‍රීපාදස්ථානයට නගින ඔයාලා අතරින් පළමු කට්ටිය කෝඩුකාරයෙක් ,වයසින් අඩුනම් කිරිකෝඩුයි,වයසින් වැඩි නම් දඬුකෝඩු යි  .උඹලා කට වරද්ද ගන්නෙ නැතුව වරල්ල මම මෙහෙම කියන්න හේතු තියෙනව"

"දවසක් අත්තම්මා කෙනෙක්   සැරයටියක් ගෙන උනන්දුවෙන් පඩි නගින අත්රේ මේක මොකක්ද අපූරුවට යන්න පුලුවන්නේ කියලා තියෙනවා. එවෙලේ ඇගේ සැරෑටියෙන් බිඳී එය පැටලී වැටි කරදර වූ බව කියවෙනවා . "

"පුතාලා දන්නවාද තවත් කතාවක් , කාන්තාවක් සමනල කන්ද නගින අතර තරමක දුරක් ගිය පසු ආ දුර  මදෑ මළුව දකින්න ලැබෙනවා නම් ලෙස පවසලා තියෙනවා .ඒ සිට ඈට කිසිවිටෙකත් මළුවට යෑමට නොහැකි වූ බව කියවෙනවා ."

"උඹලා මේවා ආදර්ශයට අරගෙන කට පරිස්සම් කරගෙන නැංගොත් හොඳයි "ඇතුළු පිරිස්ට අවවාද මෙලෙස ලබා දෙන ලදී.

 කෝඩුකාරයන් ගම්න් ගමනාරම්භ කරමින් කවි කියමින් ගිමන් හරිමින් හෙමින් හෙමින් සැරේ කන්ද තරණය කළා ය ."

"අන්න සීත ගඟුල නිමල් කෑගසන්නට විය".
"ඔව් පුතා අපි මේකෙන් නාලා පඬුරු හෝදගෙන තමා යන්න ඕන "
"අනේ මම නාන්නම  ඕනද ?සීතලයි නේ" අමල් කීය.
"හා හා පුතේ පිරිස්දු වෙන්  නැතුව යන  නඩයට වෙන දේ පුතා දන්නවද ?මං එක සිදුවීමක් කියන්නම් .එක නඩයක් ඇවිල්ලා  සීත ගඟුල වතුර සීතලයි කියල ස්නානය නොකර ගිහින් තියෙනවා.  පිරිස සීතගඟුල ඉදලා මහගිරිදඹය දක්වා ගමන් කරන අතර මහ වැස්සක් වැටිල තෙමි තෙමි  තෙත් බැරිව තමයි ගමන් කරන්නට සිදු වෙලා  තියෙන්නෙ "
 "ඒ   හන්දා උඹල ඔක්කොම නාන්න ඕන"

 මේ නාන අතර නඩේගුරා  කට්ටියට ම සිීත ගඟුල ගැන මෙලෙස කියා දුන්නාය.
'ඇඩිමිස් පීක්' යනුවෙන් හඳුන්වා පිළිගන්නා අය සීතගඟුල ආරම්භය ගැන අදහස් ඉදිරිපත් කරයි. එය නම් ආදම් හා ඒවාා නැමති ලෝකයේ විසූවායි සලකන මුල්ම දෙපොළ පාරාදීසයෙන් පිටමං කරන ලද්දේ අවුරුදු සියයක් පුරා මේ සමනල ගිරි මුදුනේ සිට හැඬු බවක් ඒ හැඬු කඳුලු  ගලාගොස් ඉබේම ඇති වූ දිය  දහර සීතගඟුල වූ බව මාමා කතාව කියන්නට විය  .

කට්ටියම එම කතා අසමින් සීත ගඟුලෙන් නා පිරිස්දු වී තම වෙහෙස නිවමින් හිමීට හිමීට කන්ද නගින්නට විය. මේ සිටි බොහෝ අය කෝඩුකාරයන් නිසා ඉදිකටු පාන රැගෙන උඩට නගින්න ට  වූවාය.මේ අතරෙහි  ගෙත්තම්පාන කට්ටියට මුණගැසිණි.

ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ සිවුරු ගෙත්තම් කර තිබෙන බවත් ශ්‍රී පාදස්ථානයට නගින   මාර්ගය පහසුකම් නොතිබු අතීතයේදී එම මංපෙත් ඔස්සේ වන්දනාවේ යන අයගේ ඇඳි රෙදි ඉරි යන හෙයින් ඒවා එක තැනක සිට ගෙත්තම් කර ගෙන යාම සිරිතක් විය. ඒ රෙදි ගෙත්තම් කළ ස්ථානය ගෙත්තම්පානේ කියලා කියන බව අසලින් යන මිනිසෙකු කියනු ඇසුණි.
කෝඩුකාරයන් තමන් ගෙන ඉදිකටු  නූල් එම ස්ථානයේ රඳවා මෙලෙස විඩාව නිවාගන්නට කවි පද කියමින් නගින්නට සැරසීය.

                         අපේ බුදුන් අපි වැන්දා- පෙරළි පෙරළි අපි වැන්දා 
                         අපේ අම්මා වැන්දේව්වා- කිරිකෝඩුත්  වැන්දේව්වා 
  
මෙහෙම යනකොට පාන්දර දෙක පමණ වන විට අහස්ගව්ව ට ළඟා විය . පුලුන් කොට්ට වළාකුළු ගෑවි ගෑවී සීතලේ ගැහි ගැහී කන්ද තරණය කොට නැගීම ඉමහත්ය. පසුව ගම්නේ  අමාරුම ස්ථානය වන මහා  මහගිරිදඹය හම්බ වේ. මෙම ස්ථානය හරියට අංශක අනුව කට පොඩ්ඩක් අඩුවෙන් බෑවුම් තරමට තීව්‍ර වී තිබේ.
සියල්ලෝම එය තරණය කොට පැමිණෙන්නේ උඩමළුවට ය."නිමල් උඹ අහල තියෙනවද ශ්‍රී පාද  මළුවේ මේ තියෙන උඩමළුව ඉතා පොඩි  ,ඒ උනාට කොච්චර වන්දනාකරුවන් ආවත් එහි  කවදාවත් තදබදයක් ඇති වෙලා නෑ .එසේ වන්නේ සමන් දෙවියන්ගේ බලපෑමෙන් කියලා මතයක් තියෙනවා.ආ... එහෙමද කමල් ඒක තමයි මේ අපිට ඕන විදියටට වඳින්න පුළුවන් "

 සියල්ලෝම වැඳ නමස්කාර කර එහි තිබෙන්නාවූ ඝණ්ඨාරය ශ්‍රී පාදය වන්දනා කරන ලද වාර ගනන අනුව  නාද කොට පහලට පැමිණියේ ඉර සේවය නැරඹීමටය .


 "කඳු මුදුනට පහලින් තිබුන වළාකුළු ස්ථරයට හිරු කිරණ එක දෙක වැටිලා තැඹිලි පාටට දිලි දිලිසෙන පටන් ගත්තා .හිරු විසින් ශ්‍රී පාදස්ථානයට කරන වන්දනාවක් ලෙසින් මෙය පිලිගන්නවා.  හිරු මෙලෙස දිනපතා ‌‌‌තෙවරක් ශ්‍රී පාද පත්මය වැඳ නමස්කාර කරන බවට පිළිගැනීමක් තියෙනවා  කියලා නඩේගුරා මාමා කිව්වා"

ආ එහෙමද මා මේ..  මේ ඇත්තටම ලස්සනයි, ලෝකෙ කොහෙවත් නැතුව ඇති මේවගේ කන්දක් නම් ...

ඉර සේවය නරඹන අතරතුර කමල් ට අම්මාගෙන් ඇමතුමක් ලැබුණි." ඔව් අම්මේ අපි මේ ඉර සේවය බලන ගමන් ඉන්නේ හරිම ලස්සනයි. අම්මේ කන්දට බටහිර පැත්තේ හරියට කිරි සයුරක් වගේ පේනවා. ඉර පායපු ගමන් අමතක නොකර බලන්න ඕන තවත් දෙයක් තමයි කන්දෙ සෙවනැලි  බටහිර අහසේ ඇඳෙන හැටි ...අපූරුයි පුතේ එහෙනම් පරිස්සමෙන් එන්නකෝ කට්ටියම

කමල් තම මවට දුරකථනයෙන් ඒ ගැන විස්තර කරමින් සිටින විට ඔහුට ඇස ගැටුණේ රූමත් තරුණියකි  .සෙමින් සෙමින්  ඈ ලඟට පැමිණියහ .කෙසේ වුවත් තම නඩයේ සියල්ලෝම පහළට  බසින්නට සැරසෙනු ලබයි. සියල්ලන්ටම පිටුපසින් කමල් තම පිරිස මඟහැර හිමීට කන්ද බසින්නා දක්නට ලැබෙන්නේ ඇස ගැටුන තරුණිය තමා ගේ මානයට ලක් කර ගැනීමේ අර අරමුණෙනි.
"හොඳට කන්ද බැහැලා පුරුදුයි වගේ" කමල් කීය.
අනේ නෑ...
 එහෙනම් ඔය  හහුරු පුරුදුයි වගේ යන්නේ..." එ උනාට----
 දෙදෙනාද කතාබහක කරමින් පහළට බසින්නට විය..
                                  නිමි   

Monday, 5 August 2019

වාර්තා චිත්‍රපටය

වාර්තා චිත්‍රපටය ඉංග්‍රීසි බසින් Documentary යන නම්න් හඳුන්වයි. මෙම මෙම පදය මුල් වරට භාවිත කරන ලද්දේ වාර්තා චිත්‍රපටයේ පුරෝගාමී බ්‍රිතාන්‍ය ජාතික සිනමාකරුවකු  jone griyason  විසින් 1929 දීය.ඔහුගේ මතය අනුව වාර්තා චිත්‍රපට කලාව යනු "යථා රූපය නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමයි"



නමුත් 1922දී රොබට් ප්ලැහාර්ටිගේ සිනමා කෘතියක් වූ nano of the north නම් චිත්‍රපටයෙන් වාර්තා චිත්‍රපටයක තිබිය යුතු සියලු ගුණාංගයන් දැකගත හැකිවිය. ආර්ථික ,සමාජයීය හා පාලන කටයුතු පිළිබඳ විග්‍රහයක යෙදෙන චිත්‍රපටයේ බොහෝ දුරට වාර්තා චිත්‍රපටයක තිබිය යුතු ගුණාංග අන්තර්ගත වන හෙයින් සිනමා ඉතිහාසඥයන් විසින් එය ලොව පළමු වාර්තා චිත්‍රපටය ලෙස සලකනු ලබයි.

 වාර්තා චිත්‍රපටයක තිබෙන විශේෂ ලක්ෂණය නම් අධ්‍යක්ෂකවරයා විසින් හසුරුවනු ලබන නළු නිළියන්  නොමැතිවීමය .අධ්‍යක්ෂකවරයා විසින් කරනු ලබන්නේ පවත්නා සැබෑ තත්ත්වය නිර්මාණශීලී සංස්කරණ ආකෘතියක් මගින් සිනමාපටයක් ලෙස ඉදිරිපත් කිරීමයි .



නමුත්  රිචර්ඩි බැර්සාමි  මෙම චිත්‍රපට නිර් ප්‍රබන්ධ චිත්‍රපට ලෙස හැඳින්වීම සුදුසු බව දන්වා තිබේ. ඔහු මෙම නිර් ප්‍රබන්ධ චිත්‍රපට වර්ග කර තිබෙන්නේ මේ ආකාරයෙනි
  1. තොරතුරු චිත්‍රපට 
  2. මානව කේන්ද්‍රය චිත්‍රපට
  3. ගවේෂණාත්මක චිත්‍රපට 
  4. ප්‍රචාර නාත්මක  චිත්‍ර
  5. සෘජු චිත්‍රපට
  6. නිදහස්චිත්‍රපට 
මෙම වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තේ මණ්ඩලයට අවශ්‍ය ප්‍රචාරය ලබා ගැනීම සඳහා නිෂ්පාදනය කරනු ලැබීය. මෙම වාර්තා චිත්‍රපටය අදත් ලෝකයේ සම්භාව්‍ය හා සදාතනික වටිනාකමක් ඇති වාර්තා චිත්‍රපටයක් ‌සේ සැලකේ. 


ජූලියෝ පෙට්රෝනි අධ්‍යක්ෂණය කළ නව දිවිිිය ඩී එස් සේනානායක රජය  විසින් අරඹන ලද ගොවිජනපද ව්‍යාපාරය පිළිබඳවවත් කඳුරට අගනුවර තුළින් මහනුවර ඓතිහාසික ස්වභාව සෞන්දර්යය ගැන කියවේ.



ශ්‍රී ලංකාවේ රාජකීය තැපැල් සේවය, ‌‌‌හෙදි සේවය, ජනසංගනනය ,ශ්‍රී ලංකා උරුමය ආදී බොහෝ වාර්තා චිත්‍රපට දක්නට ලැබේ .

ශ්‍රී පාදස්ථාන‌යේ ජනප්‍රවාද(‌කෙටි කතාව -සාමිප්‍රධායික සන්නිවෙිදනය)

කමල් සහ නිමල් මැදිවියේ පසුවුන යෞවනයන් දෙදෙනෙකි  .තම වෘත්තියත් සමඟ ම ජීවිතය ගෙන ගියේ ප්‍රශ්නකාරි මන්සකිනි . මනසට නිදහසක් නොමැති මෙම ජීවිතය නි...