රාමායණ පුරාවෘත්තයට අනුව හනුමන්තා හිමාලයෙන් ගෙනා බෙහෙත් කන්දෙන් කොටසක් කඩා වැටි සැදුණු විශාල ඔසු උයන රිටිගල ලෙස හදුන්වයි. අරිට්ඨ පබ්බත ලෙස පෙර කාලයේ හදුන්වපු රිටිගල උතුරු පළාතේ උසම කන්ද( අඩි 2514) මීටර් 765 ක ප්‍රමාණයක් වේ .රිටිගල තව කඳුමුදුන් කිහිපයකින් සමන් සමන්විත වේ. ඖෂධ කන්ද කොඩිගල කන්ද ,උණ කන්ද ,ආඬියාකන්ද, පළතුරු කන්ද ,අමරාපති කන්ද සහ උල්පත් කන්ද ලෙස කඳු හතකින් සම්බන්ධ වේ.
වියලි කලාපය කඳුකර කලාපය අන්තර් මෝසම් කලාපය කලාප තුනකින් යුක්ත මෙය තෙත් කලාපයේ වැවෙන ශාක රාශියක් සහිත සිසිල් දේශගුණයකින් යුක්ත වේ.හෙක්ටෙයාර 1528 වන මෙම දැඩි රක්ෂිතයේ කදුකර කලාපයට යාම තහනම් වේ .
මෙම කඳුකරයේ ඖෂධ බොහෝමයක් දක්නට ලැබේ . ඒවා නම් ඉරරාජ ,සඳරාජ වනරාජ ,නගාමැරූ අල ,වෙල්ලංගිරිය, බිම්කොහොඹ, ජටා මකුට වැකි ශාකය. මේවා බොහොමයක් ඖෂධ ගුණයෙන් යුක්ත වෙි.මින් රිටිගලට ආවේණික ශාක වන්නේ තම්බජියා, ගල්කප්පර ,වල්ලිය ,රිටිගල මී යන ශාකයන්ය.
මෙහි වියළි කලාපය ලෙස හඳුන්වන පහළ කොටසෙහි වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයම ලක්ෂණ දක්නට ලැබේ .ඒ අනුව මෙහි මොර ,හල්මිල්ල ,වීර ,පළු, ණා වැනි වියලි කලාපීය ශාක වර්ග බොහොමයක් දක්නට තිබේ. මැද කොටසේ තෙත් කලාපීය වනාන්තර වල දක්නට ලැබෙන ඇටඔ, කුඩුදවුලා හෝ පාර කැන්ද වැනි ශාක නිතර දක්නට ලැබේ. කඳු මුදුන අධි සංරක්ෂිත නිසා යෑමට නොහැකි වුණත් එම කඳු මුදුනත උප කඳුකර කලාපීය ශාක වන නෙළු ,බිනර ,කැකුණ හා දුම් වැනි ශාක වර්ග වැඩෙන බව දැනගන්නට ලැබිණි.
රිටිගල ජෛව විවිධත්වය ගැන කතා කරද්දදි 1985 දී මෙම ශාක පිළිබඳ අධ්‍යනයක් කල පී. ඩී .ආර් ජයසූරිය මහතා මෙහි ඇති ඕකිඩ් විශේෂ 27 සොයා ගත් බව කියැවේ.මෙහි ඇති සියලූම ශාක විශේෂ ගණන 418 කි. මල් පිපෙන ශාක විශේෂ සංඛ්‍යාව 338කී.එසේම පක්ෂීන් විශේෂ 97ක් හා අලිි ගොන්නු කොටි ඇතුළු ශීරපායින් විශේෂ රැසක් ම වාසය කරන බව හෙළි වී ඇත.
රිටිගල යනු සම්පූර්ණයෙන්ම සොබා සෞන්දර්යයෙන් පරිපූර්ණ පාරාදීසයකි. .වටිනාකම්් රැසක් ද මෙමගින් ගෙනදේ .





Maru
ReplyDeleteThnks
DeleteEla ela👍👍
ReplyDeleteThnks
DeleteNiyamai
ReplyDeleteThnks baby
DeleteNiyamai
ReplyDeleteThnks
DeleteEla
ReplyDeleteThnks
DeleteGood
ReplyDeleteThnks
Deleteඅගනා නිර්මාණයක්..
ReplyDeleteNiyamai
ReplyDeleteElaaa
ReplyDeleteEla
DeleteElz 👍👍👍
ReplyDeleteThnks
DeleteHmm
ReplyDeleteThnk
ReplyDeleteEla
ReplyDeleteEla 👍
ReplyDeleteHako
DeleteEla
ReplyDeleteElzzz
ReplyDeletethnks
DeleteGood. Very important
ReplyDeleteSuper bn
ReplyDeleteSupiriy
ReplyDelete