Sunday, 28 July 2019

ලංකාවෙි කුල

ලාංකික සම්ප්‍රදායික සමාජයෙහි ස්තරායන ක්‍රමය   සකස් වූයේ කුලය මුල් කරගනිමිනි. කුලය යනු ඉන්දීය සමාජ ක්‍රමය කේන්ද්‍ර කරගනිමින් විකාශනය වූ  සංකල්පයක් බව පිළිගැනේ. මෙරට ආර්ය ජනාවාස ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ දහවන සියවසේ ආරම්භය දක්වා කුලය පංතිය හෝ අඩු වශයෙන් සකස් වූ ශිල්පීය ශ්‍රේණි ක්‍රමයක් හෝ නොතිබුණු බව ඉතිහාසඥයන්ගේ  අදහසයි.කුල පිළිබඳ විදිමත්ව සටහන් වන පළමු මූලාශ්‍රය වන්නේ ජන වංශයයි . 




ගොවි කුලය
  රජවරුන් රාජ්‍ය නිලධාරීන් තෝරාගනු ලැබූ ගොවි කුලයනි. ජනතාට බත සැපයුම අර්යන්ගේ  උතුම් කාර්යය ලෙස පිළිගත් බැවින් ඒ සිදු කළ පිරිස ප්‍රමුඛ කුලය බවට පත්විය. මෙම කුලය ප්‍රධාන උප කුල තුනකට අනුව සාම්ප්‍රදායිකව බෙදී තිබේ.
  රදළ
             නිලමක්කාර
  පට්ටි

රොබට් නොක්ස් ට අනුව කටුමැටි ගැසූ පැළක ජීවත්වන ගොවි කුල සාමාජිකයෙකුද ප්‍රභූවරයකු ලෙස සැලකේ.




සලාගම කුලය
  සාම්ප්‍රදායිකව පේෂ කර්මාන්තයේ යෙදුණු අය  මෙම කුලයට අයත්ය.  සාම්ප්‍රදායිකව ලංකාවේ දකුණු පලාත කේන්ද්‍රකරගනිමින් විකාශය වී තිබූ අතර ඔවුන් උපකුලක හතරකට බෙදනු ලැබේ.


 හේවාපන්න සලාගම කුලය
 පණිවුඩකාර සලාගම කුලය
 උලියන්කාර සලාගම කුලය
කුරුදු කාර සලාගම කුලය 

පසුකාලීනව ගොවි කුලය අභිබවා සමාජ අවස්ථා හිමි කර හිමිකරගැනීමට ගැනීමට සලාගම කුලයට ඉඩ ලැබුණේ වතුවගාව අරක්කු රේන්ද සහ පතල් කර්මාන්තය මගින් ඉහළ සමාජ අවස්ථා අත් කරගත් බැවිනි .




රාව කුලය
 ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව   සාම්ප්‍රදායිකව  සංවිධානය වූ ධීවර කර්මාන්තය ප්‍රධාන වෘත්තිය කරගත් කුලය කරාව කුලය ලෙස හඳුන්වයි .මෙම කුලය උප කුලකක රාජ්‍ශියකට බෙදේ.

දඬු කරාව
      මාදැල් කරාව
 ඔරු කරාව
        බරු දැල් කරාව
    කැස්ස කරාව
   ගොඩ කරාව
        ඉද්ද මල් කරාව

 ලංකාවෙි කරාව කුලය පවතින්නේ තංගල්ලේ සිට පුත්තලම දක්වා සිංහල කතා කරන කරාව ප්‍රජාවක් ලංකාවේ නැගෙනහිර කලාපය දෙමළ බස් කතා කරන කාරයාර් ප්‍රජාවත් සංවිධානය වී සිටින බව අධ්‍යයනවලින් හෙළි වේ . 

දුරාව කුලය
  සාම්ප්‍රදායිකව රදායිකව ලංකාවේ දකුණු මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව සංවිධානය වූ දුරාව කුලයේේ සිදුකළ ප්‍රධාන වෘත්තිය පොල් රා මැදීමයි.මෙය නැවත උප කුලක දහයකට බෙදේ.


  නදී දුරාා
  වේලි දුරාා
      පොරෝ දුරාා
     පාන්න දුරාා
    බලිබත් දුරා

කරාව සහ සලාගම කුල ‌මෙන්ම දුරාව  දුරාව කුලය ද බ්‍රිතාන්‍ය පාලකයින් ගේ නව ආර්ථික ක්‍රියාවලියෙන් සමඟ සංචලතාවය ට ලක්වුණි.
  මීට  අමතරව ප්‍රධාන කුල ලෙස
 විශ්ව කුලය
       වහුම්පුර කුලය
      බත්ගම කුලය
    රජක කුලය
    රොඩී කුලය
        කින්නර කුලය
       
ආදී කුල බොහොමයක් ලංකාවේ දක්නට ලැබුණි.පසු කලෙක බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සිදු සිදුකළ සමාජ හා ආර්ථික සංශෝධන හේතුවෙන් කුල ක්‍රමයේ වැදගත් බව තව දුරටත් අවම වී ගිය බව පෙනෙන්නට තිබේ

34 comments:

  1. 👍👍👍👍👍👍👍👍👍

    ReplyDelete
  2. Haiyoo meka iye danna tbune.😓😓😓

    ReplyDelete
  3. Lassanai godaak hoda wadak

    ReplyDelete
  4. “සිව් හෙළය ‘සුද්දා’ තුන් හෙළයක්” කලේ ඇයි?
    • 'සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන් ගැවසී ගත් සාර්ව ඒකකයකි.
    • එනම් යම් යම් සමාජ ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිඵල ලෙසින් ගොඩ නැගී පවතින සංස්ථාදියේ සමස්ථ සංකලනයකි.
    • මෙම ක්‍රියාවන් හා සබඳතා වල එක්තරා පෙළ ගැසීමක් දැකිය හැකි වෙයි.
    • එක පිට එක වැටුණු තට්ටු පරිද්දෙන්, උස් පහත් ස්වරූපයෙන් දැකිය හැකි වූ මෙම ස්ථර ගත බව සමාජය තුළ බොහෝ කාලයක සිට දක්නට තිබූ බවට සාධක ඇත.
    • පුද්ගලයාගේ උස් පහත් බව නැතිනම් පුද්ගලයා සමාජ ස්ථරයේ අයත් මට්ටම තීරණය කරනු ලබන එක් ස්ථරයක් ලෙස කුලය දැක්විය හැකිය.
    විස්කම් පෙළපතින් එන්නෝ විශ්ව ගුරුදේව හා යක්ෂ ගොත්‍රිකයෝය,
    1. ශිල්පයෙහි ප්‍රවීණයන්දේවය. (විශ්ව ගුරු දේවයන්ය )
    2. යකඩ තනන්නා යක්ඛ ය.(කම්මල්කරුවන්ය.)
    3. කුස රකින්නා රකුස්‍ ය. (ගොවියන්ය.)
    4. ව්‍යාපාරිකයන් නාග ය. (වෙළෙන්දන්ය.)
    මේ සිව් කුල වල එක්තුව 'සිව් හෙළයයි'
    --------------------------------------------------------------------------
    නමුත් සුද්දා සිව් හෙළය නැති කර
    අපට තුන් හෙළයක් ඉතිරි කර ගියේ
    අප වෙන්කර අසමගිය ඇති කරන්ටය..
    නමුත් ඉහත කිසිදු කුලයක් තුන් හෙළයට අයත් නොවේ.
    සුද්දාගේ තුන් හෙළය නම්,
    >සිංහල >දමිල> මුස්ලිම් විය.

    ReplyDelete
  5. මේකෙ ගොඩක් දේවල් වැරදියි. මීට වඩා හොයල බලල ලියන්න.

    ReplyDelete

ශ්‍රී පාදස්ථාන‌යේ ජනප්‍රවාද(‌කෙටි කතාව -සාමිප්‍රධායික සන්නිවෙිදනය)

කමල් සහ නිමල් මැදිවියේ පසුවුන යෞවනයන් දෙදෙනෙකි  .තම වෘත්තියත් සමඟ ම ජීවිතය ගෙන ගියේ ප්‍රශ්නකාරි මන්සකිනි . මනසට නිදහසක් නොමැති මෙම ජීවිතය නි...