Monday, 29 July 2019

නැදුන්ගමුවේ ඇත් රජු


සියලු ලෝකවාසීන්ගේ ජනාදරයට ආදරයට කරුණාවට ලක්වන මහා සද්දන්ත කුලයේ උපන් පින්වත් ඇ‌‌තෙකු ලෙස  නැදුන්ගමුවේ ඇතා හඳුනාගත් හැක .නැදුන්ගමුවේ රාජා කුඩා කල ගෙන එන ලද්දේ ඉන්දියාවෙනි.  මෙම ඇතා ගේ භාරකාරත්වය දරණු ලැබුවේ මහරගම නීලම්මහර වෙද හාමුදරුවෝය. උන්වහන්සේට මෙම ඇත් රාජා ලබාදී ඇත්තේ ඉන්දියාවේ මයිසූර් වල මහරාජා කෙනෙ‌ෙග් නෑයෙක්ට  වෙදකම් කිරීම් හේතුවෙනි.



පසුව මෙම ඇතා අවුරුදු 15 ක් විතර  හාමුදුරුවෝ ළඟ ඉද බලා කියා ගන්න කරදර නිසා පස්සේ උන්වහන්සේ පැටියා හොරණ උඩුව පැත්තේ වලව්වකටත් විකුනා තිබේ. ඇතාට වසර 25 කට පවිසිපහකට පමණ පසු නැදුන්ගමුවේ පණ්ඩිත වෙද රාළහාමි යටතට ගනු ලැබුවේ නැදුන්ගමුවේ රාජා ලෙසිනි .

මෙම ඇත්ාගේ උස අඩි එකොලහ හමාරකි .ඇතාගේ දළ  දිග අඩි 5ක් පමණ වේ. සොයාගැනීම් වලින් පසුව දැනගන්නට ඇත්තේ තවත් අඩි 2කදෙකක් පමණ ශරීරය තුළ ගැබ්ව තිබෙන බවයි.  2005 වසරේ සිට දළදා කාරඬුව වැඩම කිරීම සඳහා නැදුම්ගමුව ඇතාව තෝරා ගන්නා ලදී .මේ තෝරාගැනීම් සිදුකරන ලද්දේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාය. 


නැදුන්ගමුවේ ඇත් රජු නුවර දළඳා මාලිගාවේ කරඬුව වඩම්මන ලබන බව කවුරුත් දන්නා නොරහසකි . පෙරහරට සම්බන්ධ වීමට පෙර රජු දවස මුළුල්ලේ පයින් ගමන් කරන ලබන්නේ දළදා පෙරහර වෙනුවෙන්මමය.  2005 වසරේ සිට වසර 11 කරඬුව වඩා ඇති අතර නුවර පෙරහර සඳහා රජු කිලෝමීටර් 90 පයින් ගමන් කරනු ලැබේ.නිදි වර්ජිතව නුවර පෙරහර සඳහා ගමන් කරන එකම රජය වන්නේද නැදුන්ගමුවේ ඇත් රජු ය. 

ගමන් කරන ලද මුළු දුර දළ වශයෙන් මීටර් 50000කට වඩා වැඩි බව සඳහන් වේ .නුවර දළදා මාලිගාව පෙරහැරට අමතරව රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර බෙල්ලන්විල පෙරහැර කැලණි පෙරහැර  වාද්දු ව පෙරහර සඳහා සඳහා හස්තියා යන අතර ඒවාට ද සහභාගි වන්නේ පයිනි.


 ප්‍රධාන මාර්ගයක ගමන් ගනිත්දී පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙන ලොව එකම සත්ත්වයා රාජාය. ඒ රාජා ජාතියට සම්පතක් වන බැවිනි. තවත් බොහෝ කලක් ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවන්නට නඳුන්ගමුවේ රාජාට හැකිවේවායි බෞද්ධ ජනතාව වන අප ප්‍රාර්ථනා‍ කරන්නේ අපමණ බැතියෙනි.


Sunday, 28 July 2019

ලංකාවෙි කුල

ලාංකික සම්ප්‍රදායික සමාජයෙහි ස්තරායන ක්‍රමය   සකස් වූයේ කුලය මුල් කරගනිමිනි. කුලය යනු ඉන්දීය සමාජ ක්‍රමය කේන්ද්‍ර කරගනිමින් විකාශනය වූ  සංකල්පයක් බව පිළිගැනේ. මෙරට ආර්ය ජනාවාස ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ දහවන සියවසේ ආරම්භය දක්වා කුලය පංතිය හෝ අඩු වශයෙන් සකස් වූ ශිල්පීය ශ්‍රේණි ක්‍රමයක් හෝ නොතිබුණු බව ඉතිහාසඥයන්ගේ  අදහසයි.කුල පිළිබඳ විදිමත්ව සටහන් වන පළමු මූලාශ්‍රය වන්නේ ජන වංශයයි . 




ගොවි කුලය
  රජවරුන් රාජ්‍ය නිලධාරීන් තෝරාගනු ලැබූ ගොවි කුලයනි. ජනතාට බත සැපයුම අර්යන්ගේ  උතුම් කාර්යය ලෙස පිළිගත් බැවින් ඒ සිදු කළ පිරිස ප්‍රමුඛ කුලය බවට පත්විය. මෙම කුලය ප්‍රධාන උප කුල තුනකට අනුව සාම්ප්‍රදායිකව බෙදී තිබේ.
  රදළ
             නිලමක්කාර
  පට්ටි

රොබට් නොක්ස් ට අනුව කටුමැටි ගැසූ පැළක ජීවත්වන ගොවි කුල සාමාජිකයෙකුද ප්‍රභූවරයකු ලෙස සැලකේ.




සලාගම කුලය
  සාම්ප්‍රදායිකව පේෂ කර්මාන්තයේ යෙදුණු අය  මෙම කුලයට අයත්ය.  සාම්ප්‍රදායිකව ලංකාවේ දකුණු පලාත කේන්ද්‍රකරගනිමින් විකාශය වී තිබූ අතර ඔවුන් උපකුලක හතරකට බෙදනු ලැබේ.


 හේවාපන්න සලාගම කුලය
 පණිවුඩකාර සලාගම කුලය
 උලියන්කාර සලාගම කුලය
කුරුදු කාර සලාගම කුලය 

පසුකාලීනව ගොවි කුලය අභිබවා සමාජ අවස්ථා හිමි කර හිමිකරගැනීමට ගැනීමට සලාගම කුලයට ඉඩ ලැබුණේ වතුවගාව අරක්කු රේන්ද සහ පතල් කර්මාන්තය මගින් ඉහළ සමාජ අවස්ථා අත් කරගත් බැවිනි .




රාව කුලය
 ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව   සාම්ප්‍රදායිකව  සංවිධානය වූ ධීවර කර්මාන්තය ප්‍රධාන වෘත්තිය කරගත් කුලය කරාව කුලය ලෙස හඳුන්වයි .මෙම කුලය උප කුලකක රාජ්‍ශියකට බෙදේ.

දඬු කරාව
      මාදැල් කරාව
 ඔරු කරාව
        බරු දැල් කරාව
    කැස්ස කරාව
   ගොඩ කරාව
        ඉද්ද මල් කරාව

 ලංකාවෙි කරාව කුලය පවතින්නේ තංගල්ලේ සිට පුත්තලම දක්වා සිංහල කතා කරන කරාව ප්‍රජාවක් ලංකාවේ නැගෙනහිර කලාපය දෙමළ බස් කතා කරන කාරයාර් ප්‍රජාවත් සංවිධානය වී සිටින බව අධ්‍යයනවලින් හෙළි වේ . 

දුරාව කුලය
  සාම්ප්‍රදායිකව රදායිකව ලංකාවේ දකුණු මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව සංවිධානය වූ දුරාව කුලයේේ සිදුකළ ප්‍රධාන වෘත්තිය පොල් රා මැදීමයි.මෙය නැවත උප කුලක දහයකට බෙදේ.


  නදී දුරාා
  වේලි දුරාා
      පොරෝ දුරාා
     පාන්න දුරාා
    බලිබත් දුරා

කරාව සහ සලාගම කුල ‌මෙන්ම දුරාව  දුරාව කුලය ද බ්‍රිතාන්‍ය පාලකයින් ගේ නව ආර්ථික ක්‍රියාවලියෙන් සමඟ සංචලතාවය ට ලක්වුණි.
  මීට  අමතරව ප්‍රධාන කුල ලෙස
 විශ්ව කුලය
       වහුම්පුර කුලය
      බත්ගම කුලය
    රජක කුලය
    රොඩී කුලය
        කින්නර කුලය
       
ආදී කුල බොහොමයක් ලංකාවේ දක්නට ලැබුණි.පසු කලෙක බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සිදු සිදුකළ සමාජ හා ආර්ථික සංශෝධන හේතුවෙන් කුල ක්‍රමයේ වැදගත් බව තව දුරටත් අවම වී ගිය බව පෙනෙන්නට තිබේ

Saturday, 27 July 2019

අධිපතිවාදි සන්නිවෙිදන සංකල්පය


සමාජ වල හෝ රටවල් පාලකයින් නායකයින් හෝ ප්‍රභූ වරු විසින් එම සමාජයේ සන්නිවේන  කටයුතු මෙහෙයවීම අධිපතිවාදී සන්නිවේන සංකල්පයය ලෙස හඳුන්වයි. පාලකයින්ගේ උවමනාව පරිදි ජනමාධ්‍ය මෙහෙයවයි. එම නිසා අදහස් ප් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වීමත් ජනමාධ්‍ය නිදහස සීමා වීම  වැනි ලක්ෂණ මෙවැනි සමාජවල දක්නට ලැබෙිිි. පාලකයා මාධ්‍ය තුලින් තමන් කැමති දේ පමණක් ප්‍රචාරය වීම අපේක්ෂා කරන අතර පාලනයට ප්‍රතිපක්ෂ අදහස් පළ කරන මාධ්‍යවේදීන් බලෙන් යටපත් කිරීම අධිපතිවාදි සන්නිවේදන සංකල්පය ලක්ෂණයකි .

පැසිස්ටිවාදි පාලනයක් දක්නට  ලැබෙන රටවල් අධිපතිවාදි සන්නිවේදන ලක්ෂණ ක්‍රියා ක්‍රියාත්මක වීම දැකගත හැකිය. ජර්මනියේ හිට්ලර් පොල්පොට් ඉඩියමීන් වෙනි පාලකයින්‌ෙ‌ග් පාලන සමය තුළත් අතීතයේ රාජාණ්ඩු සමය තුළත් මේ ක්‍රියාත්මක වී තිබේ.එපමනක් නොව ගෝත්‍රික සමාජය දක්වා අධිපතිවාදී සන්නිවේදන සංකල්පය ඉතිහාසයේ දීර්ඝ වේ.
පාලකයින්ගේ මතය නියෝජනය කරනවා මෙන්ම පාලකයන්ගේ ගුණ  වර්ණනාව පමණට වඩා ඉදිරිපත් කරමින් ජනතාව තමා වෙත නම්මා ගැනීම අධිපතිවාදීන් ගේ අපේක්ෂාව වේ.ඒ සඳහා අධිපතිවාදී සන්නිවේදන සංකල්පය ක්‍රියාත්මක කල ආකාර කීපයකින් හඳුනාගනිමු .
*වාරණය
                 *දඬුවම් පැමිණවීම්
         *බලපත්‍ර ක්‍රමය
          *බදු පැමිණවීම්
       *මැදිහත්වීම
මෙම ආකාරයෙන්  පාලකයින් නායකයින් මැදිහත් වි මෙම කලාපයේ හෝ රටේ සන්නිවේදන කටයුතු මෙහෙයවීම සිදු කිරීමේදී  මාධ්‍ය ‌වෙිදින්ට  ශාරීරිකව සිදුකරන   පහරදීම් ,මාධ්‍ය ආයතන සඳහා සිදුකරන පහරදීම් ,කර්තෘ මණ්ඩල පාලනය කිරීම, නීතිමය ක්‍රියා මූල්‍යම ක්‍රියා ආදිය දැක ගන්නට පුළුවන්.

මෙලෙස පාලකයෙන්න් ප්‍රභූවරුන්  මාධ්‍ය පාලනය කිරීම නිසා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන අතර පාලකයා තමන් කැමති දේ පමණක් ප්‍රචාරය වීම අපේක්ෂා කරයි. වර්තමාන සමාජයේ   මෙම සංකල්පය බොහෝ රටවල් දක්නට ලැබේ.   
   

Friday, 26 July 2019

රිටිගල

රාමායණ පුරාවෘත්තයට අනුව හනුමන්තා හිමාලයෙන් ගෙනා බෙහෙත් කන්දෙන් කොටසක්   කඩා වැටි සැදුණු විශාල  ඔසු උයන රිටිගල ලෙස හදුන්වයි. අරිට්ඨ පබ්බත ලෙස පෙර කාලයේ හදුන්වපු රිටිගල උතුරු පළාතේ උසම කන්ද( අඩි 2514) මීටර් 765 ක ප්‍රමාණයක් වේ .රිටිගල තව කඳුමුදුන් කිහිපයකින් සමන් සමන්විත වේ. ඖෂධ කන්ද කොඩිගල කන්ද ,උණ කන්ද ,ආඬියාකන්ද, පළතුරු කන්ද ,අමරාපති කන්ද සහ උල්පත් කන්ද ලෙස කඳු හතකින් සම්බන්ධ වේ.


 වියලි කලාපය   කඳුකර කලාපය අන්තර් මෝසම් කලාපය  කලාප  තුනකින් යුක්ත  මෙය තෙත් කලාපයේ වැවෙන ශාක රාශියක් සහිත සිසිල් දේශගුණයකින් යුක්ත වේ.හෙක්ටෙයාර 1528 වන මෙම දැඩි රක්ෂිතයේ කදුකර කලාපයට යාම තහනම් වේ .


 මෙම කඳුකරයේ ඖෂධ බොහෝමයක් දක්නට ලැබේ . ඒවා නම් ඉරරාජ ,සඳරාජ වනරාජ ,නගාමැරූ අල  ,වෙල්ලංගිරිය, බිම්කොහොඹ, ජටා මකුට වැකි ශාකය.‌ මේවා බොහොමයක් ඖෂධ ගුණයෙන් යුක්ත වෙි.මින් රිටිගලට ආවේණික ශාක වන්නේ තම්බජියා, ගල්කප්පර ,වල්ලිය ,රිටිගල  මී යන ශාකයන්ය.



මෙහි වියළි කලාපය ලෙස හඳුන්වන පහළ කොටසෙහි වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයම ලක්ෂණ දක්නට ලැබේ .ඒ අනුව මෙහි මොර ,හල්මිල්ල ,වීර ,පළු, ණා වැනි වියලි කලාපීය ශාක වර්ග බොහොමයක් දක්නට තිබේ. මැද කොටසේ තෙත් කලාපීය වනාන්තර වල දක්නට ලැබෙන  ඇටඔ, කුඩුදවුලා හෝ පාර කැන්ද වැනි ශාක නිතර දක්නට ලැබේ. කඳු මුදුන අධි සංරක්ෂිත නිසා යෑමට නොහැකි වුණත් එම කඳු මුදුනත  උප කඳුකර කලාපීය ශාක වන නෙළු ,බිනර ,කැකුණ හා දුම් වැනි ශාක වර්ග වැඩෙන බව දැනගන්නට ලැබිණි.


රිටිගල ජෛව විවිධත්වය ගැන කතා කරද්දදි 1985 දී මෙම ශාක පිළිබඳ අධ්‍යනයක්  කල පී. ඩී .ආර් ජයසූරිය මහතා මෙහි ඇති ඕකිඩ්   විශේෂ 27 සොයා ගත් බව කියැවේ.මෙහි  ඇති සියලූම ශාක විශේෂ ගණන 418 කි. මල් පිපෙන ශාක විශේෂ සංඛ්‍යාව 338කී.එසේම පක්ෂීන් විශේෂ  97ක් හා  අලිි ‌‌ගොන්නු කොටි ඇතුළු ශීරපායින් විශේෂ රැසක් ම වාසය කරන බව හෙළි වී ඇත.



   රිටිගල යනු සම්පූර්ණයෙන්ම සොබා සෞන්දර්යයෙන් පරිපූර්ණ පාරාදීසයකි. .වටිනාකම්් රැසක් ද මෙමගින් ගෙනදේ .

   

Thursday, 25 July 2019

30 වසරක යුද්ධය


තිස් වසරකපුරා ශ්‍රී ලංකාවේ හතර දිග්භාගයම භීෂණයෙන් මුසපත් වූ යුගයක නිමාව 2009 මැයි 19 වැනිදා සටහන් විය. නන්දිකඩාල් කළපුවේදී යුද්ධය අවසන් වීමත් සමඟ සාමය උදා වූ බව සඳහන් ව්මත් සමග ම්නිසුන් එය බුක්ත් වින්දේය කොටි නායක ප්‍රභාකරන් යනු හුදෙක් ත්‍රස්තවාදී නායකයෙකු පමණක් නොව උතුරේ ජනතාවගේ දිගුකාලීන දේශපාලන අසහනය තමන්ගේ පැවැත්මට උපයෝගි කරගත් නරැම චරිතයකි.

යුද්ධය යළි ඇරඹීමත් සමඟ විශාල මානුෂිකවාදී ප‍්‍රශ්න උග‍්‍ර විය. ඒ අතර සිවිල් ජනයාට උන් හිටි තැන් අහිමි වීම, ගේ දොර මෙන්ම ආර්ථික ජීවන රටා අහිම් වීම, සිවිල් වැසියන් යුද්ධයට ගොදුරු වී මිය යෑම, තුවාල ලැබීම, යුද්ධය කේන්දා ගතවී නොමැති කොළඹ වැනි ප‍්‍රදේශවල බෝම්බ පිපිරීම් සිදුවීම, උදාහරණ ලෙස කොටුව බෝම්බ ප‍්‍රහාරය, මේ ආකාරයට සිදු වූ මානව අයිතීන් කඩවීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර විරෝධය හා බලපෑම් නොසලකා හැරීමට තීරණය කර ඇත. ආණ්ඩුවේ තර්කය වූයේ ‘‘ආණ්ඩුව ඒවාට යටවුවහොත් ඒ මඟින් තම යුධ ප‍්‍රයත්නය අඩාල වන බවයි.  ”ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ” යුද්ධයේදි සිවිල් ජනයා සියල්ලම එකා ‌මෙන්  සිිිටිිිිිියහ .

ම සටන්විරාම ගිවිසුමකදීම ප්‍රභාකරන් උපයාශීලිව තමන්ගේ ඊළම වපසරිය පුළුල් කරගත්තේය. එහෙත්  බලයට පත් මහින්ද රාජපක්ෂ රජය එඩිතරව කටයුතු කලා. ආණ්ඩුව  කොටි සංවිධානය සමඟ සාම සාකච්ඡා වට ගණනාවකට සහභාගි විය. ප්‍රභාකරන් සටන්විරාම බිඳ දමා මාවිල්ආරු සොරොව්ව බිඳ දමා මාවිල්ආරු සොරොව්ව වසා දැමීම සමග සටන ඇරබිනි.

මේ ආකාරයට දශක තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ සමාජ දේශපාලනික ආර්ථික මෙන්ම සංස්කෘතික ප‍්‍රපංචයන්ට බරපතල හානි සිදු කළ ත‍්‍රස්තවාදය 2009.05.19 වන දින යුධමය වශයෙන් පරාජය කළේය. 


Wednesday, 24 July 2019

මන්දගාමි මන්දයා


No photo description available.



ලොව මන්දගාමීම සත්වයා වන පිග්මි මන්දයා වලස් පවුලේ සාමාජිකයකු විය හැක.දිගු නියපොතු දරන මොවුන් වදවීයන,නෂ්ටවීමට ආසන්න සත්වයෙකි .අතිශ්‍යින්ම අලස මොවුන් සර්ව භක්ෂක විශේෂයකි.


ලොව ජීවත්වන ශීරපායින් අතර ඉතා කුළෑටි , ඉතා මන්දගාමී ඉතාමත් අහිංසක සත්ත්වයා ලෙස මන්දයා හඳුනාගත හැකිය .ශාක පත්‍ර පමණක් ආහාරයට ගන්නා අපූරු සතෙකි.මන්දයාට හරි හැටි ඇස් නො පෙනෙන්නේ නැත .හරිහැටි කන් ඇසෙන්නේද නැත .මන්දයා ගේ සියලු වැඩ මන්දගාමීය.

ශාක පත්‍ර  පමණක් ආහාරයට ගනිද්දී මන්දයා මන්දගාමී නොවී කොහොමද ?මන්දයා ශාක  පත්‍ර   පවා ආහාරයට ගන්නේ ඕනෑවට එපාවටය .පොඩ්ඩක් සපා කා  ගිලියි. ගිලින පත්‍ර කෙලින්ම බඩට යයි .හොඳින් සපා නොකන බැවින් පත්‍ර වර්ග පහසුවෙන් ජිර්ණය වන්නේ නැත .ඒත් මන්දයාගේ මන්දගාමී ජීවන රටාව හේතුවෙන් ආහාර සියල්ල ජිරණය වීමට ඇති තරම් කල් වේලා ලැබෙයි .ශාක පත්‍ර පමණක් ආහාරයට ගැනීමෙන් මන්දයාට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැත. මන්දයා මන්දගාමී වී ඇත්තේ එහෙයිනි .


මන්දයාට ඇඟිලි නැත. ඇඟිලි වෙනකොට ඇත්තේ වක ගැසුණු නිය පොපොතු ය. මන්දයාගේ අත්වල සහ පාදවල නිය පිටතට නෙරා විත් කොක්කක් ආකාරයට පිහිටා ඇත. මෙ නිය ශක්තිමත්ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. නිය දෙකක් ඇති මන්දයා සහ නිය තුනක් ඇති මන්දයා යනාදී වශයෙනි.

මන්දයත් බහුලව දකින්න ලැබෙන්නේ ඇමර්සන් වැසි වන වනාන්තරය  කේන්ද්‍ර කොටගෙනය. ඇමේසන් වැසි වනාන්තරය ලතින් ඇමරිකාවේ එසේ නැතිනම් දකුණු ඇමරිකාවේ පිහිටා ඇත්තේ රටවල් කිහිපයක් පුරා පැතිර යමිනි .ඇමේසන් වැසි වනාන්තරය පමණක් නොව මධ්‍යම සහ ලතින් ඇමරිකා දූපත් සහ නිවර්තන කලාපයේ සෙසු වනාන්තර වලද මන්දයත් දකින්න ලැබේ. බහුලව දකින්න ලැබෙන මන්දයින් වර්ගය දුඹුරු පැහැති ‌ෙබෙල්ලක් ඇති  මන්දයාය අලස ජීවිතයක් ගත කරන ඔහු දිනකට පැය 18 ක් නිදාගනි .දුඹුරු  බෙල්ලක් ඇති ඇති අයකුගේ බර කිලෝග්‍රෑම් 6 ක් පමන  යැයි පැවසේ .

මන්දයා  ගස්වල එල්ලී පැටලී සිටින්නේ උගේ සවිමත් නිය ආධාරයෙනි . එසේ එල්ලී සිටිද්දී සිරුරේ මාංශපේෂි වල ශක්තිය යෙදවීම්ට අවශ්‍යවන්නේ නැත .ශක්තිය ඉතිරි කරගැනීමේ ගැනීමේ අරමුණ ඇතිව මන්දයා දවසේ වැඩි හරියක් ගස්කොළ අතරේ සැඟවී අතක එල්ලී නිදි කිරයි. දවසේ වැඩි කාලයක් ගස්වල එල්ලී සිටින මන්දයා ගසින් බැස බිමට එන්නේ මලපහ කිරීමට පමණයි. මෙි සදහා සෑම විටම එක තැනක් තෝරා ගනී .


ක්‍රියාකාරීත්වය මන්ද මන්දගාමී වුවත් මන්දයා උත්සාහය අත හරින්නේ නැත. හෙමින් වතුරට බැස පීනා තමා සිටින දූපතේ සිට ඉදිරියෙන් ඇති දූපත් බලා මන්දයා ගැඹුරු මුහුදේ පීනා අතපය හොඳින් ගසමින් පිහිනයි .සෙමෙන් සෙමෙන් පිහිනා පැමිනේ.

Monday, 22 July 2019

අහිකුන්ඨක ජන කන්ඩායම



ජීවත්වීම සඳහා වීම සඳහා නිශ්චිත ස්ථාවර භූමිභාගයක් යොදා නොගත්  තැනින් තැනට සංක්‍රමණය වන්නා වූ පිරිස් අහිකුන්ටකයින් ලෙස හඳුන්වයි .ඔවුන් දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ජන කොටස්ක් වේ.

සෑම  අහිකුන්ටක ජන කණ්ඩායමක පුරුෂයන් ස්ත්‍රීන් දරුවන් ආර්ථික කටයුතුවල යෙදෙයි . පුරුෂයින් නයි, රිලව් නැටවීම සිදුකරන අතර ස්ත්‍රීන් නිවෙස් වලට ගොස් ශාස්තර කියයි .

සෑම අහිකුුුුන්ටක කණ්ඩායමක "ආරචිචිල" නමි මූලිකයකු සිටි. ඔවුහු 'කෝරළ මාමා' නම් විය  .සියලු අහිකුන්ටක ජනතාව එක් ස්ථානයකට රැස්ව වසරේ   සංචාරය කළ යුතු  ප්ප්‍රදේශ පිළි පිළිබඳ කණ්ඩායම දැනුවත් කරන්නේ ඔහුය  .

අහිකුණ්ඨක ජනතාවගේ ජන සමාජය අවතරණ අවස්ථා හතරකින් යුක්ත වේ 
 දරු උපතකදි   මව වෙන් කර වෙනම කූඩාරමක තබන අතර ඇයට එම කාලසීමාවේදී කායම් හොද්දක් ලබාදෙයි  .ප්‍රසූූත වේදනාව අවසන් වූ පසු දින කීපයකින් ස්ත්‍රිය කොළ අතු තැම්බූ වතුරෙන් ස්නානය කරවයි .

 ගැහැණණු දරුවෙකු වැඩිවියට පත් වූ පසු ව ඇය වැඩිහිටි  කාන්තාව සමඟ වෙනම කූඩාරම්ක රඳවයි. දින කිහිපයකින් සුබ දවසක් බලා හිිිිමිදිරියේ ස්නානය කරවයි. එම ස්ථානයේ බිත්තරයක් බිඳීම් හා කුකුළෙකු කැපීම සිදු  කරයි.

විවාහය සිදු කරන්නේ නෑනා මස්සිනා අතරය. විවාහ ගිවිස ගැනීමේදී පුරුෂයා විසින් කහ පාට නූූූූලක් තරුණියගේ ‌ගෙල බඳිති. යුවල සම්පූර්ණයෙන්ම   කහ වස්තුන් සැරසී සිටී.

මරණයක් සිදු වූ විට එම කූඩාරම් අතහැර වෙනත් තැනක්ට යාම අහිකුන්ටක ජනතාව සිදු කරයි  .මේ ජනතාව   මියගිය පුද්ගලයා සිටින කූඩාරමක් අසල  හරස් අතට වළක් හාරා ප්‍රවේශමෙන් පස් ඉවත් කර මෘත ශරීරය හිස පහලට සිටින සේ සිරස් අතට තැන්පත් කරයි .

සාම්ප්‍රදායික ජන සංස්කෘතික කණ්ඩායමක් ලෙස හැඳින්වුව ද වර්තමානයේ මොවුන් සාමාන්‍ය ජන ගී ජීවිතය  හා සමානවම ජීවත් වේ .





Sunday, 21 July 2019

ලේක් හවුස් ඉතිහාහය

 මෙරට සමාජයෙ ඉංග්‍රීසි පාලනයකට නතු කරගෙන තිබු යුගයක නිදහස ලබා ගැනිමෙි අරමුනින් යුතුව "පුවත්පත" මහගු කාර්යක් සිදු කලා.මෙම කාලේ විදේශ රටක අධ්‍යාපනය ලබ⁣ා මෙරටට පැමිණි ව්‍යාපාරිකයකු ලෙස හදුනන ඩි.ආර් විජෙවර්ධන මහතා ේක් හවුස් ආයතනය 1926 දී ආරමිභ කරන ලදි.

 මෙරට දිනපතා පුවත්පතක් වන 'දිනමිණ' ආරමිභ වුවේ 1909 වර්ෂයෙ ය.එස් එච් ‌‌පෙරේරා මහතා හා බටුවන්තුඩාව මහතාගෙ මුලිකත්වයෙනි.එම පුවත්පත නතරවන තත්වයක් උද්ගත වු නිසා1914 ඩි.ආර් විජෙවර්ධන මහතා විසින් තමසෙහොයුරා සමග එක්ව එම පුවත්පත මිලට ගෙන පුවත්පතක් ලෙස නැවත පල කලේය

The ceyloness පුවත්පත වෙන්දෙසියට දා තිබියදි එය මිලට ගෙන Daily news නමින් 1918  වර්ෂයෙ සිට පල වුනි.

ලංකාවෙි ඉරිදාට පලවුනු මුල්ම පුවත්පත ලෙස 1930 සිළුමිණ ආරමිභ කරමින් පියේන නිශ්ශන්ක මහතා පත් කරමින් ශතහයෙ විශ්ව විද්‍යාලය ලෙස එම පුවත්පත පල විය.

Celon obbserver පුවත්පත මිලට ගෙන එය ඉරිදා පලවන ලංකාවෙි පලමු පුවත්පත ලෙසද 1932 දෙමළ භාෂාවෙන් පලවන පුවත්පත ලෙස තිණකරන් පුවත්පතද  අරඹන ලදි.

භාෂා තුනෙන්ම දැන්විමි පලකල පුවත්පත් ආයතනය මෙය වන අතර 1973 අංක 28 දරණ විශේෂ විධි විධාන පනත යටතේ ‌ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්නා ලදි.

Saturday, 20 July 2019

සිනමා හා රූපවාහිනී මාධ්‍ය ආධුනික පාඨමාලා

සිනමා හා රූපවාහිනි මාධ්‍ය ක්ෂෙත්‍රයට අතුලත් විමට කැමති නමි එ සදහා සුදුසු ආධුනික පාඨමාලාවක්  කිරිම අවශ්‍ය  වෙි.එ සදහා පහත පාඨමාලාවන්  අධ්‍යනය කල හැක.මෙමගින් ආධුනික පුහුණුවක්  ලැබෙනු ඇත.
      1-  ජාතික චිත්‍ර පට සංස්ථාව මෙහෙය වන සිනමාකරණය පිළිබද ඩිප්ලෝමාව
මෙය මුදල්  අයකරනු ලබන අතර සති අන්ත පාඨමාලාවකි.කාලය වර්ෂයකි.වි⁣‌‌‌‌ශේෂ දක්ෂතා පෙන්නවුන්ට සිනමාව පිලිබද වැඩිදුර අධ්‍යාපනය හදාරා ‌කොරියානු රජය සමග එක්ව ශිෂ්‍යත්වයක් පිරි නමයි.

2-  ජාතික තරුණ  ‌සේවා සභාවෙි පාඨමාලාව
මුදල් අය කරනු ලබන පූර්ණ කාලින එක් අවුරුදු පාඨමාලාවකි.මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ  නිස්කෝ විඩියෝ අංශයෙ දී  පැවත් වෙි.

3-ජාතික කාර්මික අධ්‍යාපන ආයතනයේ විඩියෝ පඨමාලාව
මුදල් අය කරන එක් අවුරුදු පූර්ණ  කාලින පාඨමාලාවකි.රත්මලානෙ ,කදවල පාරේ පිහිටි ජාතික කාර්මිිික අධ්‍යාපන ආයතනයේ ශව්‍ය දෘශ්‍ය අංශයෙ පැවත් වෙි.

4-වෘත්තිය පුහුණු අමාත්‍යංශ‌යේ මාධ්‍ය පුහුණු පාඨමාලාව
නාර⁣හේනපිට වෘ.පු.ම තරුණ තරුණියන් සදහා   ජායාරෑපකරණය ,විඩියෝ කරණය  පිළිබද පාඨමාලාව

5-ශි ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනෙ පුහුණු පාඨමාලා
   *වැඩසටහන් නිශ්පාදන පුහුණුව
   *පුවත් වැඩසටහන්  සදහා කට හඩ පුහුණු කීරීම
    *පටිගතකරණය,සංස්කරණය,ආලොකකරණය,කැමරාකරණය පිළිබද පුහුණු පාඨමාලා

 6- ලංකා රූපවාහිණි සංස්ථාවේ මාධ්‍ය ඩිප්ප්ලෝමාව

7- ශි ලංකා ජාතික ජායාරූප සංගමේ ජායාරූපකරණ පාඨමාලාව


  8-කැළණිය විශ්වවිද්‍යාලේ ලලිත කලා අධ්‍යනාංශයෙ ජායාරූපකරණ පාඨමාලාව


 9-ටෙලිවිවි තාක්ෂණ විද්‍යා ඇකඩමියෙන් පුහුණු  අවකාශ
    *පරිඝණක දෘඩාංග
    *රූපවාහිනි කැමරාකරණය
    *රූපවාහනි වැඩසටහන් ඉදිරිපත් කිරිම හා රංගනය
    *රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය හා බෙදා හැරිම

විදේශිය
*ඉන්දියාවෙ පූනෙ ව්ශ්ව විද්‍යාලේ සිනමාකරණය පිළිබද පාඨමාලාව

*බිතාන්‍යයෙ සිනමා ආයතනය මගින් පවත්වන සිණමාකරණ පාඨමාලාව

ඔබටත් රූපවාහිණි හා සිණමාකරණය පිළිබද හැදෑරිමට  අවශ්‍ය නමි වගකිවලත් ආයතනයක පුහුණුවකට එක් වන්න.

Friday, 19 July 2019

18 වංගුව


මධ්‍යම පලාතෙ පිහිටා ඇති කවුරුත් දන්නා මාර්ගයක් ලෙස මෙ⁣ම මාර්ගය හදුනා ගත හැකියි.කදුකර වෙනත් මාර්ග වලට වඩා මෙහි වැදගත් වන්නෙ වංගු 18කින් සමන්විත නිසාය.එම නිසා මෙය 18 වංගුව ලෙස හදුන්වයි.මෙ⁣ම මාර්ගය මහනුවර- මහියංගණ මාර්ගය යි.
උඩු දුමිබර පොලිස් බල කොටිටාසයෙන් ආරමිභ වන මෙම මාර්ගය අවසන් වන්නෙ හසලක  පොලිස්බල පුරවරයෙනි.මෙහි දුර 41km කි.මෙහි පලමි 10කින් හා  හතරුස් බොක්කු 32කින් සමන් විත වෙි.
මාර්ගය අලුත්  වැඩියා කල පසු පුද්ගලික ඉඩමි හරහා යන මාර්ගය සදහා 17.5km,වන ජිවි අමාත්‍යාංශයට අයත් ඉඩමි 18.2km,වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට ඉඩමි 4.4km මෙයට ඇතුලත් විය. කෙලෙස  වුවද ස්භාවික පරිසරයේ සුන්දරත්වය නැති වෙන අාකාරයට මෙහි සංවරධන කටයුතු නොකලේය.
මෙම මාර්ගය අලුත් වැඩියා කරද්දි දේශිය හා විදෙශිය කාර්ය මණ්ඩල 12ක්,තාක්ෂණ හා ඉන්ජි⁣නේරුවන් 128,පරිපාලන අංශ නිලධාරින් 68 සහයකයින් 7,නුපුහුනු සෙවකයින් 378 ,පුහුණු සෙවකයින් 602  ක් හා සුලු සේවකයින් 1195 මෙ සදහා මැදිහත් විය.
අද වන විටත් මෙම මාර්ගය පිලිසකර කිරිමට පෙර මාර්ගය භාවිත කිරිමෙි කාලය පැය 4ක්  පමන වුවද අද වන විට පැය 2කින් වැනි  කාලයකින් මෙම මාර්ගය භාවිත කර අවසන් කල හැකිය.මෙි සමග හසු වන දිගන තෙල් දෙණිය,මැද මහනුවර,හුන්නස්ගිරිය,උඩු දුමිබර,හසලක ගමි පසු කරමින් සිත කාලගුනයක් සහිත මෙම මාර්ගය බාවිත කිරිම අොහෙසත් වුවද කදු හෙල් සිසාරා මාදින් යා හැකි ගතට නෙතටසුව දෙන මාර්ගය භාවිත කිරිම විඩාව නැති කර ආදරණිය පරිසර වටපිටාවකට අපව ොමු කරයි.

Tuesday, 16 July 2019

මහියංගණ සෑ රදුන්

මහා කරුණා ඇති අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොවිතුරා බුද්ධත්වයෙන්නව වැනි දුරුතු මස පුර පසොලොස්වක පෝ දිනක මහියංගණ පුද බිමට වැඩියහ.
අප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල එම ශරීරය ආදාහනය කල චිතකයෙන් ගිවා ධාතුන් වහන්සේ ගෙනවිත් සුරභූ මහරහතන් මෙම මහියංගණ සිද්ධස්ථානයහි සදහන් ⁣කර 12 රියන් උස මෙිද වර්ණ පාෂාණ ⁣චෛතයක් කරවන ලදි. 
                                               
පසු කලකද  චූලාභය කුමරු මෙ⁣ම ස්ථුපය 30 රියනක් උසට කරවු අතර දුටුගැමුණු රජතුමා විසින් 80 රියන් උසට සෑය ගොඩ නැගිය.
1850 වන විට ස්ථුපය  ගරා වැටුනි.1890 දී මෙය නැවත සකසා ොතෙ පලදවන ලදි.1907 නැවතත් කඩා වැටුණු  ස්ථුපය 1922 වසේදිනැවතත් මහා සෑය කැඩුනු අතර 1949දී නැවතත් ඉදිකිරිමි අරඔා 1949 දි නැවත ඉදිකිරිමි ආරමිභ කල 1961 ස්ථුපය ොත පලද වන ලදා.

අප බුදුරජාණන් වහන්සේ වෙනුවට මිහිකත ඉදිකල පලමු ⁣ෛචත්‍ය ලෙස හදුනා ගත හැකි අතර මෙම සුථුපය  මහියංගණ චෛත්‍ය හෙවත් පඨමික  චෙිතිය නමින් හදුන්වයි.අද වන විටත් ලක්ෂ සංඛයාත සැදැහවතුන්  පුද පූජාවට ලක් කරන්නේ  මෙි චෛත්‍ය රාජයානණ් ය.

Thursday, 11 July 2019

මොරගහකන්ද ජලාශය

2016 ජුලි 25 වන දින කළු ගග ජලාශයේ  වෙිලි පතුලට  නිදන් වස්තු තැමිපත් කරමින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය අාරමිභ කරන ලදි.මෙ⁣⁣ම  සංවර්ධන ව්‍යාපෘතියේ සමිපුර්න ධාරිතාවය අක්කර අඩි  660 000කි.එනමි පරාක්‍රම සමුදුර  මෙන් 6ගුනයක් විශාල වෙි.
      
මෙි සදහා මුලු ව්‍යාපෘති වියදම ඇමරිකානු ඩො.මිලියන 1449ක් පමණ විය.දළ වශයෙන් ගත් විට රුපියල්  කොටි 26 000ක් පමණ වෙි.මෙි යටතේ  මහවැලි ජල සුරක්ෂා ආයෙජන වැඩ සටහන්ද කරනු ලැබිය.  
1 - ‌‌මොරගහකන්ද සිට මහකනදරාව දක්වා(ඇ.ඩෙ.මි 450)
2-වය‌‌ඔ සංවර්ධන ඇළ(ඇ.ඩෙ.මි 200)
3-මිනිපේ වමි ඉවුර  සංවර්ධන ව්‍යාපෘතිය (ඇ.ඩෙ.මි 25) 
           මුලින්ම ‌මොරගහකන්ද කලු ගග ව්‍යාපෘතිය 2007 ජනවාරි මස 25 වන දින අතිි උත්කර්ශවත් අන්දමින් එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මුලිකත්වයෙන්  ආරම්භ කලේය.
          කෙසේ වුවද මෙ‌ම මහවැලි සංවර්ධන සැලස්මට අයත් ව්‍යාපෘතිය කඩිනමි වුවද ‌මොරගහ කන්ද - කළු ගග  සංවර්ධන ව්‍යාපෘතිය දශක හතරකට ආසන්න කාලයක් විවිධ ‌හේතුන් මත පසු විය.
       
              මොරගහකන්ද  ජලාශ‌යේ   ජල ධාරිතාව  මීටර්  මිලියන 510 ක් පමණ වන අතර ‌‌මෙි සදහා මුලිිික  ‌වෙිලි 03ක් ඉදිකලේය.
        *මැදට පස් පුරවා ලද ගලින් නිම කරන  ලද ‌ ‌වෙිල්ල
        * ‌කොන්කිට් (RCC)  වේල්ල
        *  පස් වලින් සැදුමිලත් ‌වේල්ල

   ‌‌මොරගහකන්ද ජලාශ  ධාරිතාව ,ඝණ මිටර් 570  ක් වන අතර කළු ගග ජලාශ ධාරිතාවය ඝණ මිටර් මිලියන 248ක් වෙි. මෙි සදහා  වෙනත් රටවල් වලින් අරමුදල් ලැබුනු අතර මෙිවා ‌‌‌‌මොරගහකන්ද ජාලාශයේ මුලික වෙිලි හා විදුලි බලාගාරය ඉදිකිරිම සදහා අරමුදල් ලැබුනි.
             1.චීන සංවර්ධන බැංකුව-රු.මි 30180
             2.දේශිය අරමුදල්-රු.මි 9477   කි.
මෙම ව්‍යාපෘතිය මගින් ලැබෙන වාසි;
*ව්‍යාපෘතිය මගින් ‌‌‌‌පෝෂණය වන කුඩා වැවි සංඛ්‍යාව 1601කි.
*වාරිශිකව මනමිපිටිය ,සෝමාවතිය ගං වතුරෙන් යට විම පිලියමක් ලෙස
*මාතලේ  දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 82000ක පමණ මිනිසුන්හට ජලය සැපයිම.
*වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මගින් හෙ.12 500   කට දියවර සැපයිම.
*ජල ව්‍යාපෘති ආරමිභ කිරිම.
*මෙ. ‌ටො25 විදුලිබල නිශ්පාදනය .
*නව ලග්ගල හරිත නගරය බිහි විම.    
        
        කෙලෙස වුවද මෙම සංවර්ධන ව්‍යාපෘතිය අද වන විටත් සමාජයට ,පරිසරයට යහපතක් මෙන්ම අයහපතක් වනු දක්නට ලැබෙි.
     

Saturday, 6 July 2019

හෘදයාබාධ කල් තියා හදුනා ගන්නේ කොහොමද


දැනට ලෝකයේ වැඩි වශයෙන් හෘදයාබාධ නිසා⁣වෙන් 25%ක පමණ මිනිසුන් මිය යන්නේ හෘදයාබාධ නිසාවෙනි.මෙිවා හදුනා ගැනිමට ඇති ලක්ෂණ හදුනා ගනිමු.

*අසාමාන්‍ය  හදවතෙහි රිද්මය
හදවත අසාමාන්‍ය  ලෙස විනාඩි1-2අතර ගැහෙමින් ඇගට  දැඩි මහන්සියක් දැනෙනවා නමි.

*පපුවෙි වමි පැත්තේ අධික වෙිදනාව
පහල හක්ක,බෙල්ල,උරහිස් ,බඩ වැල් සමග පපු⁣වෙි වෙිදනාව  පවතිනමි

*හුස්ම ගැනිමේ අපහසුතාව
හදවතට ලැබෙන රුධිරය සීමා වනවිට ඒ හේතුවෙන් පෙනහලුවලට ලැබෙන ඔක්සිජන් සීමා වෙනවා .ඒ නිසාවෙන්  හදවත හා පෙනහලු එකිනෙකට සමිබන්ධ නිසා එකකේ බලපෑම් අනෙකට බලපානු ලබයි.මෙි හේතුවෙන් හුස්ම ගැනීමට අපහසු වෙි.

*හිස කැරකෙන ගතිය හා දාඩිය දැමීම
මොළයට ලැබෙන රුධිරය සිමා විමත් නිසි පරිදි රුධිරය සංසරණය නොවීම නිසාත් මෙි තත්ත්වය හට ගනි.

*මහන්සිය හා තෙහෙට්ටුව
මානසික හා ශාරීරිකව වැඩක් නොකර තෙහෙට්ටුව  දැනෙන විට මෙයද  ලක්ෂණයකි.

මෙවන්  රෝගි ලක්ෂණ කලින් හදුනාගෙන වෛද්‍යවරයකු  හමුවන්න.සුවදායි ජිවිතයක් ගත කිරිමට අපි පෙල ගැසෙමු.

ශ්‍රී පාදස්ථාන‌යේ ජනප්‍රවාද(‌කෙටි කතාව -සාමිප්‍රධායික සන්නිවෙිදනය)

කමල් සහ නිමල් මැදිවියේ පසුවුන යෞවනයන් දෙදෙනෙකි  .තම වෘත්තියත් සමඟ ම ජීවිතය ගෙන ගියේ ප්‍රශ්නකාරි මන්සකිනි . මනසට නිදහසක් නොමැති මෙම ජීවිතය නි...